Close

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

February 19, 2025

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා.

එම සොර කල්ලියේ කාන්තාවන් පිරිසක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ ආකාරයට මහනුවර, කටුගස්තොට, යටිවාවල ප්‍රදේශයෙන් සැක සහිත කාන්තාවන් කණ්ඩායමක් දින පතා බස්රථවලට ගොඩවෙන බව බස් රථ සේවකයින් පවසනවා.

ඊට අමතරව මහනුවර සිට කටුගස්තොට දෙසට යන මාර්ගයේ මහයියාව ප්‍රදේශයෙන්ද එවැනි සැකසහිත පිරිස් බස් රථවලට ගොඩවෙන බව බස් රථ සේවකයින් පෙන්වා දෙනවා.

ඒ අනූව කටුගස්තොට – මහනුවර අතර සහ බස්‍ රථවල මහනුවර ගමනාන්තය වන, බෝගම්බර, පොදු වෙළඳපොළ,ටොරින්ටන් සහ ඔරලෝසු කණුව ආශ්‍රිත ප්‍රදේශයේදී බහුලව මෙම සොරා ගැනීම සිදුවන බවයි පැවසෙන්නේ.

මේ අතර බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරු පවසන්නේ මහනුවර සිට කුරුණෑගල හා මාතලේ පාර හා එහි අතුරු මාරගවල ධාවනය කෙරෙන බස් රථ ආශ්‍රිතව මෙවැනි සොරා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

2025 වසරේ ගතවූ දින 49 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 100 ඉක්මවා ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මීට අමතරව පැමිණිලි නොකළ සිදුවීම රැසක් තිබෙන්නට හැකි බවද පොලිසිය පවසනවා.

මේ අතර මහනුවර නගරයේ සිට තදාසන්න නගර හා ගම්ප්‍රදේශවලට යන මගී බස් රථවලදී වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බව පැවසෙනවා.

මෙසේ ජංගම දුරකතන සොරා ගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබෙන අතර කටුගස්තොට සහ අලදෙණිය පොලිසිවල අවධානය යොමුවිය යුතු බවයි බස් රථ සේවකයින් පෙන්වා දෙන්නේ

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
100% Free SEO Tools - Tool Kits PRO
scroll to top