Close

මෙය රිලවෙක් විසින් කරන ලද ඝාතනයක් කියලා මාධ්‍යයට කියයි? – නාමල් රාජපක්ෂ

February 20, 2025

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ යහපාලන ආණ්ඩුවෙන් ආපු නඩුටික ඒ විදියටම මේ ආණ්ඩුවෙනුත් ක්‍රියාත්මක කරන බවයි.

යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන කමිටුවේ ලේකම්වරයා වර්තමාන ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවත්, දේශපාලන පලිගැනීම් සහ පණිවුඩ කරුවන් ගෙවල්වලට යැවීම හැරුනුකොට ආණ්ඩුවට මෙරට ආර්ථිකය ගොඩදැමීමට හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සැලැස්මක් නොමැති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“මන්නාරමේ මිනීමැරුම් කිහිපයක් සිදුවුනා. අද වනවිට අධිකරණයේ නඩුකාරතුමිය ඉදිරිපිට ඝාතන සිදුවන තත්ත්වයට රට පත්වෙලා තියෙනවා.“

“ආණ්ඩුව දන්නෙත් නෑ මොකද වෙන්නෙ කියලා. ඊයේ පුද්ගලයා නෙවෙයි අද වෙනකොට ඉන්නෙ. අනෙත් කාරනා වගේම මේ කාරණය ගැනත් එක ස්ථාවරයක නෑ. හෙට වෙනකොට විදුලිබල අර්බුදය වුනේ රිලවෙක් පැනලා වගේ මේකත් රිලවෙක් විසින් කරනලද ඝාතනයක් කියලා මාධ්‍යයට කියයිද දන්නෙ නෑ.මීට වඩා පුරවැසියාගේ ආරක්ෂව ගැන හිතන එක වැදගත් කියලා අපි විශ්වාස කරනවා“ යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම ප්‍රකාශ ඇතුලත් වීඩියෝව පහතින්.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top