Close

සිරුරේ ඇතුවන කළු ලප භයානක රෝගයක ලක්ෂන කියලා කලින් දැනගෙන හිටියද?

February 20, 2025

සමහර ස්ථාන අනෙක් ස්ථානවලට වඩා රළු වී, කළු පැහැ ගැන්වී තිබෙන අවස්ථා සමහර විට ඔබට දකින්න ලැබී ඇති. ඇතැම් විට මේ කළු පැහැ ලප රැළි ගැසුණු වෙල්වට් ස්වභාවයක් ගන්නවා.

මේ තත්ත්වයට කියන්නේ “Acanthosis Nigricans” කියලයි. මේ තත්වය සමහරවිට පිළිකා වැනි භයානක රෝගයක පෙරනිමිත්තක් වෙන්න ඉඩ තියෙන නිසා මේ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අවුරුදු හතළිහට වැඩි හෝ තරබාරු නොවන අයෙකුගේ ශරීරයේ මෙවැනි ලපයක් හදිසියේ ඇතිවුවහොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.

ලප ඇතිවන ස්ථාන
මෙවැනි රළු ලප වැඩි වශයෙන් ඇතිවිය හැක්කේ කිහිල්ල, බෙල්ල, දණහිස ඇතුළත හෝ පිට, මුහුණේ, ඉකිලිවල, කලවා ආශ්‍රිතව, වැලමිටේ ඇතුළත සහ පිටත, පෙකණිය අසල, ප්‍රජනන අවයව වල, අත්ලේ, පිටි අත්ලේ සහ නකල්ස් ප්‍රදේශවල, දෙපතුල්වල, තොල්වල සහ පපු ප්‍රදේශය වැනි ස්ථාන වලයි.

අත්ලේ සහ පතුලේ ඉතා ඝන ලෙස පිහිටන මෙවැනි ලප ගැන සැලකිලිමත් වී වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන්, එය පිළිකාවක ලක්ෂණයක්දැයි හඳුනාගන්න පුළුවන්. මේවා ලපවලට අමතරව ඉන්නන් ලෙසද පිහිටා තිබිය හැක.

මෙම රෝගී තත්ත්වය මගින් රෑපය අවලස්සන වේ. මෙම ලප වැඩිපුර ඇතිවන්නේ ආසියාතික සහ අප්‍රිකානු රටවල ජීවත්වන පුද්ගලයන් අතරය.

මෙවැනි ලප ඇතිවීම පසුපස තිබිය හැකි රෝග අනතුරු
අත්ලේ මෙවැනි ලප පිහිටා ඇත්නම් ආමාශයේ හෝ පෙනහළුවල ඇති වී තිබෙන පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි.

කිහිල්ලේ මෙවැනි ලප පිහිටා ඇත්නම් එය ආමාශයේ ඇති වූ පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි.

දෙපතුලේ, තොල්වල හෝ මුහුණේ පිහිටා ඇත්නම් එය අමාශයේ, පියයුරුවල, වකුගඩුවල, පෙනහළුවල, පිත්තාශයේ හෝ ගර්භාශයේ ඇති වූ පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි.

මානසික ආබාධයක ප්‍රතිඵලයක් ලෙස – උදා :- මන්දබුද්ධික බව
තයිරොක්සින් හෝමෝනය අඩු වීම නිසා, පිටියුටරි ග්‍රන්ථයේ ඇති රෝගී තත්වයක් නිසා, දියවැඩියා රෝගය නිසා ඇතිවන ඉන්සියුලින් ප්‍රතිවිරෝධක අවස්ථාවකදී, කුෂින් සින්ඩ්‍රෝම් නමැති රෝගයේ ප්‍රතිඵලයක් ලෙස හෝ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් නමැති ඩිම්බකෝෂ ආශ්‍රිත රෝගයේ ප්‍රතිඵලයක් ලෙස, මෙන්ම අධික ලෙස තරබාරු අයට, ජානමය හේතුන් මතද මෙවැනි ලප ඇති විය හැක. සමහර දරුවන්ට මේ ලප උපතින්ම පිහිටයි. නැතිනම් ළමා කාලයේදී ඇති වී වයසත් සමඟ පැතිර යා හැකියි.

ශරීරයට නොගැලපෙන ඇතැම් ඖෂධ භාවිතය නිසාත් මෙවැනි ලප ඇතිවීමට ඉඩ තිබේ. උපත් පාලන පෙති සහ සිරෝසිස් රෝගයට ලබාදෙන බෙහෙත් නිසාද මෙවැනි ලප බොහෝ විට ඇති විය හැක.

වකුගඩු බද්ධ කළ පසු ඇතැම් අයට මෙවැනි ලප ඇති වේ. මෙවැනි ලප පිහිටා ඇති අය මේවා ගැන සැලකිලිමත් වී වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

වෛද්‍යවරයෙකු ඔබේ ලපවලට ඇති හේතුව සොයා ගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරනු ඇත.

රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම, ලබා ගන්නා අනෙකුත් බෙහෙත් වර්ග සහ ඔබේ රෝගය අතර සම්බන්ධයක් තිබේදැයි සෙවීම, සමෙන් කොටසක් බයොප්සි පරීක්ෂණයක් සඳහා යැවීම, බර අඩු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම, දියවැඩියාව සඳහා ඖෂධ ලබාදීම, හේතුව හෝමෝන සම්බන්ධ ගැටලුවක් නම් හෝමෝන සහ විටමින් අතිරේක ලබාදීම.
උපුටා ගැනීමකි

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top