Close

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා – රෝහිත අබේගුණවර්ධන

February 21, 2025

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“දඩබ්බර වෙච්ච ආණ්ඩු හැම වෙලේම ගෙදර ගියා. දඩබ්බර වෙච්ච ආණ්ඩු වලට ජනතාව ගහන්නේ දැන් නෙමෙයි. වැටෙනකං ඉඳලා.

මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මාස නවයකට.අප්‍රේල් පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා අයවැය ඉදිරිපත් කර තියෙනවා.අයවැයේ හොඳ නරක දෙක දැකගන්න ලැබෙන්නේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන විටයි.‍ෙ

අයවැයේ හොඳ යෝජනා, වැඩපිළිවෙලක් තියෙනවා.නව අදහස් තියෙනවා.සැලකිල්ලට නොගැනුණු සමාජ ක්ෂේත්‍ර ගැන සැලකීම් තියෙනවා.නමුත් ඇත්ත තත්ත්වය දැක ගන්න ලැබෙන්නේ දෙසැම්බර් අවසානයේ.

වැටුප් වැඩි වීම ගැන මා සතුටු වෙනවා.නමුත් අවුරුදු තුනක සැලැස්මක් අනුව වැටුප් වැඩි කිරීමක් ගැන දැක්වෙනවා.බිලියන 327 ක් මේ වෙනුවෙන් වියදම් කළ යුතු වෙනවා.

පසුගිය අයවැය වල ඉදිරිපත් කළේ ඒ වසර සඳහා යෝජනාවක්.දැන් රට තුළ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා.පඩි වැඩි වෙන ආකාරය ගැන රාජ්‍ය සේවකයාත් දන්නේ නැහැ යනුවෙන්ද අබේගුණවර්ධන මහතා කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
100% Free SEO Tools - Tool Kits PRO
scroll to top