ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරුගේ පෙම්වතිය බව කියන තරුණියක් මහරගමදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීස සදහන් කළේ ඇය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදීමට පියවර ගත් බවයි.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා මාර්තුමස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (21) දා නියෝග කළා.
UPDATE
ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ විත්තිකූඩුව තුලදීම වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ පෙම්වතිය පන්නිපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වෙඩික්කරු ඝාතනය සිදු කිරීමෙන් පසු එම පෙම්වතිය සමඟ විදේශයකට පලා යාමට සැලසුම් කර සිට ඇති බවයි.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම – පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගිම්හානි තරුෂිකා දෙව්මිණි නැමැති 23 හැවිරිදි තරුණියක්.
කෙසේවෙතත් ඝාතනය සිදුවන අවස්ථාවේ ගිණි අවිය සහ ඔත්තු ලබා දුන් බව කියන, දැනට සැඟව සිටින ඉෂාරා නැමැති 25 හැවිරිදි තරුණිය සමඟද වෙඩික්කරු සම්බන්ධයක් පවත්වා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා මෑතක් වන තුරුම මීගමුව ප්‍රදේශයේ පිහිටි ඉෂාරා නැමැති තරුණිය වෙසෙන නිවසේ ජීවත්ව ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සිදුකිරීමට ආසන්න දින වලදි ඔවුන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක ජීවත් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් අධිකරණ නියෝග මත මේ වන විට පොලිසියේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතින අතර එහිදි ඔහු කළ පාපොච්චාරණය සමඟ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ ගණේමුල්ලේ සංජීව සමඟ කාලයක් ඔහු ඉතා සමීපව කටයුතු කළ බවයි ඔහු එහිදි සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් යම් යම් සිදුවීම් හේතුවෙන් පසුව ඔවුන් දෙදෙනා විරසක වී තිබෙනවා.
ඉන් පසු ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයටද යොමුවී ඇති අතර ගණේමුල්ලේ සංජීවගේ හතුරෙකු වූ පලාබද්දර පද්මේ නැමැත්‍තාගේ ගෝලයන් ඔහුට හමුව ඇත්තේ එම අවස්ථා වලදියි.
ඝාතනය විදේශයක සිට මෙහෙයවා ඇතිබව ඔහු පොලීසියට අනාවරණය කර තිබෙනවා.
වෙඩික්කරු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා රුපියල් ලක්ෂ 150ක කොන්ත්‍රාත් මුදලකට ඝාතනය භාර ගත්තද තමාගෙ බැංකු ගිණුමට බැර කර ඇත්තේ අත්තිකාරම් මුදල ලෙස බැර කළ රුපියල් ලක්ෂ 2ක් පමණක් බවයි.
ඉතිරි මුදල ඝාතනය සිදුකළ පසු ඉන්දියාවේදි හමුවී ලබා දෙන බව පැවසුවත් ඝාතනය සිදු කළ පසු ඔවුන් මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලබා දී වෙඩික්කරුව පාවා දී පොලිසියට හසුකර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර ඝාතනයට ලක් වූ ගණේමුල්ලේ සංජීවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදි අද සිදු කෙරුණා.
ඔහුගේ මව විසින් දේහය භාර ගැනීමෙන් අනතුරුව බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත රැගෙන ගියේ ඊයේ රාත්‍රියේදියි.
එහිදී පලාබැද්දර පද්මේ ඇතුළු පිරිසක් ඩුබායි සහ ශ්‍රී ලංකාවේ සිට සමාජ ජාලා වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ එක්වී ජය පැන් පානය කරමින් සාදයක් පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.