Close

වන්දනාවේ පැමිණි බස් රථයක් ගිනිගනී, අයෙක් මරුට

February 22, 2025

බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස් රථයේ නිදා සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

බලංගොඩ සිට පුද්ගලයන් 71කුගෙන් සමන්විත පිරිසක් මෙම බස් රථයේ වන්දනාවේ පැමිණ ඇති අතර බස් රථය තුල සිටි අවුරුදු 47ක් පමණ වයස ඇති පුද්ගලයකු මෙලෙස ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිරිස ඊයේ( 21දා) සවස අනුරාධපුරයට වන්දනාවේ පැමිණ ඇති අතර ඔවුන් පූජා නගරයේ පිහිටි විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති අතර පසුව කණ්ඩායමක් වන්දනාවේ ගොස් තිබේ.

එම වන්දනාවේ පැමිණි පිරිස අතර එහි සිටි ආහාර පිළියෙල කරන්නකු මෙම බස් රථයේ රාත්‍රී නිදා ගෙන සිටියදී අළුයම දෙකට පමණ සිදු වූ බස් රථය තුළ සිදුවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(බී.ජී. චතුරංග,රෝහණ චන්ද්‍රසා සහ කුෂාන් ජයවර්ධන)

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
100% Free SEO Tools - Tool Kits PRO
scroll to top