Close

දේශීයව සිදුකරන ලද පර්යේෂණ හා නවෝත්පාදන දැන් පවතින තත්වයට වඩා ඉහළට ගෙන යාමට රාජ්‍ය සහයෝගය ලබාදෙනවා – අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන

February 23, 2025

Made in Sri Lanka සන්නාමය සහිත නවෝත්පාදන වැඩි වශයෙන් ගෝලීය වෙළඳපොළට නිකුත් කිරීමට සහය සහ දිරිගැන්වීම ලබා දීම රජයේ අරමුණ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය. පසුගිදාමරදාන පිහිටි VEGA Innovations සමාගමේ පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය  සඳහා එක් වෙමින් ඹහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

VEGA Innovations සමාගම නිපදවා ඇති ලොව වේගවත්ම විද්‍යුත් මෝටර් රථයක් ලෙස සැලකෙන, VEGA විද්‍යුත් මෝටර් රථය, දේශීයව නිපදවා ඇති පූර්ණ විද්‍යුත් ත්‍රීවිල් රථ හා මෝටර් සයිකල් ඇතුළු සමාගම විසින් නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, AI තාක්ෂණය ආදී නව තාක්ෂණයන් යොදා ගනිමින් නිපදවා ඇති අනෙකුත් තාක්ෂණික නිෂ්පාදන ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයා දීර්ඝ ලෙස නිරීක්ෂණය කළේය. දීර්ඝ කාලයක සිට නව විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සිදුකරමින් පරිසර හිතකාමී නිෂ්පාදන ගණනාවක් දේශීය හා විදේශීය වෙළඳපළට නිකුත් කර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙහෙසෙන ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ප්‍රමුඛ VEGA Innovations කණ්ඩායමේ සේවය අමාත්‍යවරයා මෙහි දී ඉහළින් අගය කළේය. 

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, මෙතෙක් දේශීයව සිදුකරන ලද පර්යේෂණ හා නවෝත්පාදන දැන් පවතින තත්වයට වඩා ඉහළට ගෙන යාමට රාජ්‍ය සහයෝගය ලබා දීමයි රජයේ අරමුණ බව ප්‍රකාශ කළේය. පර්යේෂකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව රේඛීය අමාත්‍යාංශ හා ආයතන සමග නව සම්බන්ධතා ගොඩනගා ගැනීමට පරිසරය සකස් කරන බවත්, රජයේ ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සාම්ප්‍රදායික දේශීය දැනුම සමග නව විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම මුසු කරමින් නිර්මාණය කරන ලද දේශීය ඹෟෂධීය නිෂ්පාදන වැනි නවෝත්පාදන  සායනික පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බවත් ඒ සඳහා ඉදිරියේ දී සහය දෙන බවත් සඳහන්  පැවසූ අමාත්‍යවරයා, එහි සාර්ථකත්වය මත විස්වසනීයත්වයත් සමග තරගකාරී ගෝලීය වෙළඳපොළට එම නිෂ්පාදන නිකුත් කළ හැකි බවද  පැවසීය.

මෙහි දී අදහස් දැක් වූ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා දේශීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් කලින් කලට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට අවධානය යොමු කරන ලෙස පැවසූ අතර, පර්යේෂණ ආයතන සතු අති නවීන පර්යේණ උපකරණ උපරිම කාර්යක්ෂමතාවකින් භාවිතා කිරීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

නවීන විද්‍යා හා තාක්ෂණික ක්‍රමවේදයන් වර්තමානය වන විට කෘත්‍රිම බුද්ධියද සමග වේගවත් වර්ධනයක් අත්කෙරගෙන ඇති බවත්, ඉදිරිරියේ දී එය තවත් වේගවත්ව සංවර්ධනය වනු ඇති බවත් ප්‍රකාශ කළේය. නමුත් භෞතිකව මෙම ගෝලීය තාක්ෂණික සංවර්ධනය තවමත් අත්කරගෙන ඇත්තේ විශ්වීය විද්‍යාවන්ගෙන් 0.001% ක තරම් ඉතාම අල්ප ප්‍රමාණයක් බවත්, තවමත් හඳුනා නොගත් අති විශාල දැනුමක් විශ්වයේ පවතින බව තමන් විශ්වාස කරන බවත් පැවසූ හර්ෂ සුබසිංහ මහතා, ආධ්‍යාත්මික ශක්තීන් ඹස්සේ එම දැනුම ගවේශණය කළ යුතු බව පැවසීය. ඒ වෙනුවෙන් ද තෝරාගත් තරුණ ප්‍රජාවක් සමග සිදුකරන පර්යේෂණ වැඩසටහනක් පිළිබඳව ද ඹහු අමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා ද එක්විය.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top