Close

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

March 9, 2025

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පැවසුවේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවය.

එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා මෙහිදී සඳහන් කළේය.

“මන්ත්‍රීවරයා කිව්වා නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීතිවිරෝධී මත්පැන් පැත්තට ගිය අයව නිත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්. දැන් පුසගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්ධනය කරන්න පටන් ගත්තා ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ. බද්ද වැඩි කිරීම නෙමෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් න්‍යාමනය කරන කොට අපේ ආදායම වැඩිවෙන්න පටන් ගත්තා ඒ නිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙමෙයි නීතිවිරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානූකූල පැත්තට ආවා ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනව තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්.”

“ඒ වගේම තමයි මම හිතනවා සභාපතිතුමා… දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩුමිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා.”                  

එහිදී අදහස් දැක්වූ සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ 2022 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සැර මත්පැන් භාවිතය වාර්ෂිකව අඩුවෙමින් පවතින බවය.

නීතීවිරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රවන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බව ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහි පළමු අදියර ලෙස මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇති අතර එමගින් රුපියල් බිලියන 50ත් 100ත් අතර බදු ආදායමක් ද ලබාගත හැකි බව සුරාබදු නිලධාරි ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top