Close

අඹුසැමි යුවළක් බියගන්වා කාර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකයි

March 17, 2025

කාර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) දහවල් කාලයේදී ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට අඹුසැමි යුවළක් පැමිණ ඇති අතර එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා පලා ගොස් ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ ඊයේ සවස කින්නියා පාලම අසලදී ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කොල්ලකන ලද කාර් රථය, කොල්ලකරුවන් පැමිණි කාර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා දේපළ අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top