Close

රේගුව රඳවාගෙන සිටින BYD වාහන ගැන අභියාචනාධිකරණයෙන් යෝගයක්

November 11, 2025

BYD වාහන 625ක් කඩිනමින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ශ්‍රී ලංකා රේගුවට නියෝග

ශ්‍රී ලංකා රේගුව විසින් ගොනු කරන ලද මෝසමකින් දක්වා ඇති පරිදි

අදාළ ආයතනික ඇපකර සහ බැංකු ඇපකරවලට යටත්ව රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහන 625ක් කඩිනමින් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට (SLC) නියෝග කළේය.

John Keells CG Auto (Pvt) Ltd විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් කිහිපයක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු K. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

රේගුව තනි මතයට පාරිභෝගිකයින් වෙත නිදහස් කිරීම් සඳහා ඉඩ නොදී රඳවා තබා ගෙන ඇති ඇතැම් BYD වාහන මාදිලිවල මෝටර් ධාරිතා ගැටලුව පිළිබඳව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ පහත සඳහන් වාහන මාදිලි අදාළ ඇපකර මත අධිකරණ නියෝගයට අවනත වෙමින් මුදා හරින බවයි.

ඒ අනුව BYD Atto 2 Premium–70kw, BYD Atto 1 Dynamic–45kw, BYD Atto 1 Premium–45kw, සහ BYD Dolphin Dynamic–70kw. යන මෝටර් රථ මාදිලි ධාරිතාවන්ට අදාළ ඇපකර යටතේත්, BYD Dolphin Standard – 49kw සහ BYD Sealion 7-100kw ධාරිතා යටතේ අදාළ ඇපකර මත මුදා හැරීමට ද රේගුවට නියෝග කළේය.

එලෙසම BYD Atto 1 Dynamic වාහන 130ක් සහ BYD Atto 1 Premium වාහන 74ක්, BYD Dolphin Standard – 49kw වාහන 232ක් සහ BYD Sealion 7-100kw වාහන තුනක් ද ඇපකර මත නිකුත් කිරීමට නියෝග කෙරිණි.

මේ අතර, BYD වාහන කිහිපයක් ඒවායේ මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීම පහසු කිරීම සඳහා තව දුරටත් රේගු භාරයේ පවතින බව අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙහි දී විශේෂයෙන් පෙත්සම්කරුවන් වන මෙරට BYD බලයලත් එකම නියෝජිත John Keells CG Auto (Pvt) Ltd වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය ශ්‍රී ලංකා රේගු ආයතනයට වාහන නිදහස් කරන ලෙසත් අදාළ නඩු කටයුතුවල පිටපත් පෙත්සම්කරුවන්ට ලබා දෙන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එකඟ වූ ඇපකරවලට අනුව එම වාහන කඩිනමින් පෙත්සම්කරුවන් වෙත මුදාහරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කළේය.

ජාත්‍යන්තර පරීක්ෂණයකින් තොරව දේශීය පරීක්ෂණයකට අර අදිමින් සිටීම හේතුවෙන් මෙම BYD වාහන සඳහා අදාළ සමාගම හරහා මෝටර් රථ පෙර ඇණවුම් කරන ලද විශාල පිරිසක් අපහසුතාවයට පත්වනු දැකිය හැකි වූ අතර එමගින් එම ආයතනයත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අපහසුතාවයට ලක් වීමට කරුණු යෙදිණි.

රේගුවේ මෙම ප්‍රමාදයට එරෙහිව පසුගිය දා එම පාරිභෝගිකයින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ද පියවර ගත් අතර එහිදී ඔවුන් වහාම සිය ඇණවුම් ලබා ගැනීම සඳහා වාහන නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කර සිටියේය.

මින් ඉහතදී ද අධිකරණය මෙම ක්‍රමවේදය හරහා ජනතාවට සිදුවන අපහසුතාවය සහ ආයතනයට සිදුවන අපහසුතාවය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව සඳහන් කර තිබිණි.

මෙම සියලු කරුණු කාරණා සමඟ අදාළ සමාගම විසින් ඉදිරිපත්කර තිබු පෙත්සම් ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව වාහන තොගය නිදහස් කිරීම සඳහා අධිකරණය නියෝග කරනු ලැබිණි.

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top