පෝල් වොල්කර්ගේ 46 වැනි උපන්දිනය


මෝටර් රථ අනතුරක් නිසා ජිවිතක්ෂයට පත් වූ සුපිරි හොලිවුඩ් නළු පෝල් වොල්කර්ගේ 46 වැනි උපන්දිනය පසුගිය සති අන්තයට යෙදී තිබුණි. මිය යන විට සිය 44 වැනි විය ගෙවා දමමින් සිටි පෝල්ගේ රිය අනතුර අදටද බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

අතිශය ජනප්‍රිය වූ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයකට පණ දුන් පෝල් අදටද බොහෝ සිනමා ලෝලීන්ගේ මතකයේ පවතින රංගනයක් එම චිත්‍රපට මාලාව තුළ ප්‍රදර්ශනය කර තිබුණි. මෙම චිත්‍රපට මාලාවේ ‘ටොම්’ ලෙස රංගනයෙන් දායක වූ වින් ඩිසල්, පෝල්ගේ 46 වැනි උපන්දිනය වෙනුවෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණ අතර, එය ඉතා සංවේදි මුහුණවරක් ගත් උතස්වයක් බවට පත්වද තිබුණි.

Video Corner