සුර්යාගේ අලුත්ම චිත්‍රපටය


ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති ‘කාප්පන්’ දමිල චිත්‍රපටය පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. සාර්ථක ලෙස ආදායම් උපයා ගනිමින් තිරගත වෙන මෙම චිත්‍රපටය වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කර ඇති චිත්‍රපටයකි.

සුපිරි දමිල සිනමා නළු සූර්යා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අර්යා හා ශයේෂාද රංගනයෙන් දායක වන අතර, ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් පසුව දමිල ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක් හරහා මුණ ගැසෙන පළමු අවස්ථාවද මෙය වේ. ඔවුන්ට අමතරව මලයාලම් සිනමාවේ සුපිරි නළුවා ලෙස අදටද සැළකෙන මෝහන්ලාල්ද මෙහි ප්‍රධාන චරිතයකට දායක වී තිබීම විශේෂත්වයකි.

Video Corner