ඕස්ට්‍රේලියන් මාස්ටර්ස් තරගයෙන් ලක් මාතාවට රන් පදක්කමක්


ඕස්ට්‍රේලියාවේ පැවති 2019 "ඕස්ට්‍රේලියන් මාස්ටර්ස්" බර එසවීමේ ශුරතාවලියට සහභාගී වී රන් පදක්කමක් දිනාගැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් මහතා සමත්ව ඇත.

120kg බර පංතිය යටතේ ඔහු තරග වැද තිබේ. 

එමෙන්ම squat ක්‍රමයට 220kg බරක් ඔසවා ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිද දමා ඇති බව වාර්තා වේ.

"ඕස්ට්‍රේලියන් මාස්ටර්ස්"සෑම වසරක් පාසා පැවැත්වේන, ඕස්ට්‍රේලියාවේ දැවන්ත ක්‍රීඩා උළෙලක් ලෙස හදුන්වනු ලබයි.

17 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා, විවිධ රටවල තරඟකරුවන් 8000 ක් පමණ සහභාගීවි තිබේ.

රුවන් පොල් මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය ලුතිනන් කමාන්ඩර්වරයෙක්. 

ලෝක මාස්ටර්ස් බර එසවීමේ ක්‍රීඩා උළෙලට සහභාගී වී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීම ඔහුගේ මීලඟ බලාපොරොත්තුව වේ.

Video Corner