රසිකයෙක් නිසා ලේඩි ගාගාට අකරතැබ්බයක්


රසිකයින් හේතුවෙන් ජනප්‍රිය පුද්ගලයන් විවිධ අපහසුතාවන්ට මුහුණපාන අවස්ථා පිළිබඳව නිරතුරුවම වාර්තා වෙයි.

ලෝ ප්‍රකට ගායිකාවකට මුහුණපෑමට සිදුවූ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත.

ලෝ ප්‍රකට ගායිකාවක් වන ලේඩි ගාගා අකරතැබ්බයකට මුහුණ පා ඇත.

ඒ අමෙරිකාවේ ලස් වේගාස්හි පැවති ප්‍රසංගයක් අතරතුරයි.

ලේඩි ගාගාගේ ඇරයුමකට අනුව ඇයට නර්තනයෙන් සහය වීමට රසිකයෙක් වේදිකාව මතට පැමිණ ඇත.

එම අවස්ථාවේදී ඔහුගේ සමබරතාව ගිලිහී යාමෙන් දෙදෙනාම වේදිකාවෙන් පහළට ඇදවැටෙන අයුරු කැමරාවක සටහන්ව තිබුණි.

ප්‍රේක්ෂකාගාරයේ සිටි ඇතැමුන් තැබූ ට්විටර් සටහන්වල දැක්වුණේ සිදුවීමෙන් ලේඩි ගාගා මරණයට පත්වන්නට ඇතැයි සිතුණ බවයි.

කෙසේ වෙතත් ඉන් ඇයට හෝ රසිකයාට කිසිදු උපද්‍රවයක් සිදුව තිබුණේ නැහැ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ලේඩි ගාගා ඔවුන් දෙපළ ටයිටැනික් නෞකාවේ ජැක් සහ රෝස් යුවළට සම කර තිබුණි.

සිදුවීමෙන් පසු කඳුළු පිරි දෑසින් සිටි රසිකයා අස්වසාලීමට ඇය කාරුණික වූ බවත් විදෙස් වාර්තා සඳහන් කළේය.

Video Corner