7 වැනි ලෝක හමුදා ක්‍රීඩා උළෙල චීනයේ දී ඇරඹෙයි


7 වැනි ලෝක හමුදා ක්‍රීඩා උළෙල චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

ඒ විදෙස් රාජතාන්ත්‍රිකයන් හා ප්‍රේක්ෂකයන් ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන්.

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා උළෙල පසුගියදා, මධ්‍යම චීනයේ  වූ හැන් නගරයේදී ආරම්භ වුණි.

උළෙලේ සමාරම්භය සනිටුහන් කෙරුණේ චීන ජනාධිපති ෂී ජින් පින් අතින්.

ලෝක හමුදා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වීම සඳහා විවිධ රටවල නායකයන් චීනයට පැමිණියේය.

චීන රජය, චීන ජනතාව සහ චීන හමුදා වෙනුවෙන් ජනාධිපති ෂී ජින් පිං  ක්‍රීඩා උළෙලට එක් වූවන් පිළිගෙන ඇත.

පිළිගැනීමේ උත්සවයක් ඇතුළුව තවත් අංග රැසකින් සමාරම්භක උත්සවය විචිත්‍රවත් වී තිබුණි.

නිල ආරම්භය සනිටුහන් කරමින් සමාරම්භක උත්සවය පැවති ක්‍රීඩා මධ්‍යස්ථානයට ක්‍රීඩා උලෙළේ ගිනි සිළුව රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

සමාරම්භක උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රේක්ෂකයින් ඇතුළුව දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේය.

මේ අතර සමාරම්භක උත්සවය අවසානයේදී  ක්‍රීඩා උළෙලේ තේමා ගීතය ගායනා කිරීමටද බලධාරීන් කටයුතු යොදා තිබුණි.

Video Corner