මහේෂ් සේනානායකට විදෙස් මුදල් කොහෙන්ද?


ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා විසින් එජාපයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළ බව ජාතික ජනතා පක්ෂයේ විධායක සභික ප්‍රදීප් පනාගොඩ පවසනවා.

“සිවිල් සංවිධානයැයි කියාගන්නා පිරිසක් එකතු වෙලා තානාපති කාර්යාල, විදේශ ආයතන හරහා ලැබුණු මුදල් නිසා ගත්ත තීන්දුවක් මේක. මේක ජනතා ව්‍යාපාරය නෙවේ ජාතිය පාවාදීමේ ව්‍යාපාරය. කාටවත් නිකන් ඉන්න බැරුව කරන වැඩවලට සහායක් නැහැ. ගම්පහ රැස්වීමට 110යි හිටියෙ ලක්ෂ 10කට වඩා වියදම් කරලා. පැහැදිලිව මේකට විදේශ අතපෙවීම් තිබිය යුතුමයි. මොහු ප්‍රධාන ධාරාවෙන් ඔබ්බට සමාජ ප්‍රශ්නයක්වත් කතා කළේ නැහැ. රටට හානියක් වුණොත් පක්ෂයේ මහලේකම් ශ්‍රීනාත් පෙරේරා වගකිව යුතුයි.”

ඊට පිළිතුරු දෙමින් ශ්‍රීනාත් පෙරේරා ද අදහස් දක්වා සිටිනවා.

”එජාපයට සම්බන්ධ වෛද්‍යවරයෙකු යයි කියාගන්නා වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකුට සම්බන්ධ පුද්ගලයෙකු මැදිහත් වී විකල්ප කණ්ඩායම විනාශ කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබූ බව යම් අවස්ථාවක අපට වැටහුණා.

මවිසින් ඇති විශාල මුදල් සභාරයක් යොදාගෙන මහේෂ් සේනානායක මහතා ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කළේය යන චෝදනාව කර තිබෙනවා.

අපි ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්නේ මුදල් අපහසුතා මධ්‍යයේ.

අපිට කියන්න රටට කියන්න කොහෙන්ද ඒ සල්ලි ආවේ, මොන ගිණුමට ද ඒ සල්ලි ගියේ, කොතනද ඒ සල්ලි තියෙන්නේ කියලා.

මොකද එහෙම සල්ලි ලැබිලා තියෙනවා නම් අපේ ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාමට එය අස්වැසිල්ලක් නිසා. සත පහක මුදලක් ලැබී තියෙන බව පිළිගතහැකි සාක්ෂි සමඟ ඉදිපත් කරනවා නම් මං මගේ දේශපාලන ජීවිතය අවසන් කරලා මෙයින් සමුගන්නවා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තාත්තාත් ඥාතීන් සියලු දෙනාත් එජාප පාක්ෂිකයින් ආරම්භයේදී. ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා එජාපයට සම්බන්ධ වීමෙන් පසුව ඔහුට එම පක්ෂයත් අනෙකුත් සියලු වංචනික දේශපාලනඥයින්ගේන් පිරිච්ච පක්ෂ බවට පෙනී යද්දී ඉන් මිදී එයට විරුද්ධව අරගලයක් කිරීමට ජනතාව මෙහෙය වීමට අයිතියක් නැද්ද කියලා මං අහනවා.

මේ රටේ ජනතාවගේ ඡන්ද පොහොට්ටුවට හෝ ශ්‍රීලනිපයට හෝ එජාපය තමන්ගේ උරුමයන් ලෙස ලියා දී නෑ.

මේ අපේ ඡන්දදායකයෝ මේ අනික් අයගේ ඡන්ද දායකයෝ කියලා ඔප්පු තිරප්පු මඟින් වෙන්කරගෙන ඒවා තමන්ට හිමි ඡන්ද හැටියට හිතාගෙබ ඒ ඡන්ද කඩන්න තවත් කෙනෙක් එනවා කියලා කට්ටිය කියනවා නම් මම දකින්නේ ඒ අය මුසාවක් ප්‍රකාශ කරනවා කියලා.

සියලුම ඡන්දදායකයින්ගේ ඡන්ද ඉල්ලීමේ අයිතිය ඕනෑම අපේක්ෂකයෙකුට තියෙනවා. අපි පාවිච්චි කරන්නේ ඒ අයිතියයි.” යනුවෙන් සඳහන් කර සිටියා.

Video Corner