දේශපාලනඥයෙක් ඥානසාර හිමිට කෝටි දෙසීයක් දෙන්න හදයි


මෙවර ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් රුපියල් කෝටි ගණනක මුදලක් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ලබාදීමට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක ප‍්‍රබල දේශපාලනඥයකු උත්සාහ කර ඇත.

 එම මුදල රුපියල් කෝටි පනහේ සිට දෙසීය දක්වා වුවද ඉහළ දැමිය හැකි බවද එම පුද්ගලයා දැනුම් දී තිබේ.

 මේ පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමකදී එය සත්‍ය තොරතුරක් බවත් දේශපාලනඥයකු තමන් වහන්සේව එසේ මිලට ගැනීමට තැත් කළ බවත් සඳහන් කළහ.

 රුපියල් ශතවලට රට පාවාදිය නොහැකි බවත් ඉදිරියේදී තවත් අනාවරණයන් කිහිපයක් රට හමුවේ හෙළිකිරීමට කටයුතු කරන බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

උපුටා ගැනීම – දිවයින

Video Corner