බ්‍රිතාන්‍යයේ කන්ටේනරයක් තුළ තිබී මළ සිරුරු 39ක් සොයා ගනී


බ්‍රිතාන්‍ය පොලීසිය විසින් කන්ටේනරයක් තුළ තිබී ඝාතනයට ලක්වු බවට සැකකෙරෙන පුද්ගලයින් 39 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

එසෙක්ස් ප්‍රාන්තයේ ග්‍රේස් ප්‍රදේශයේදී අද(23) අළුයම මෙම මළ සිරුරු සහිත කන්ටේනර් රථය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බල්ගේරියාවේ සිට බ්‍රිතාන්‍යයට ඇතුළු වූ බවට සැකකෙරෙන මෙම කන්ටේනර් රථයේ රියදුරු අදාල මරණ සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

25 හැවිරිදි එම පුද්ගලයා උතුරු අයර්ලන්තයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.
 
මියගොස් සිටින පුද්ගලයින් 39 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර බ්‍රිතාන්‍ය පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Video Corner