ලෝක කුසලාන අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ


2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, නවසීලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා තිබේ.

මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය ඉරිදා අවසන් විය.

එහි පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී  ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්තය ජයගත් අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් ජයගත්තේ නවසීලන්තයයි.

තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය පරාජය කරමින් වේල්සය ජයගත් අතර සිව්වන අවසන් පූර්ව තරගයේදී ජපානය පරාජය කරමින් දකුණු අප්‍රිකාව ජයගත්තේය.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර 26වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

දෙවන අවසන් පූර්ව තරගය 27වැනි ඉරිදා වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙයි.

Video Corner