18 වෙනිදාට ස්වර්ණවාහිනියෙන් මුළු රටටම අලූත් බලාපොරොත්තුවක්


අලුත්ම ජනාධිපති පත්වෙන දවසම, ටෙලිනාට්‍ය ලෝකයෙත් මහා පෙරළියක් ඇති වෙන්නට යන්නේ.චන්දෙ වෙනුවෙන් දහස් ගණනක් මුදල් විසිවෙද්දී අලුත්ම අලුත් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් දහස් ගණන් මුදල් වියදම් කරනවාලු . අපි ඇහුවා හැබැයි කවුරුත් කියන්නේ නැහැ .මේක කරන්නේ කවුද කියලා ඇහුවම කියන්නේ 18 වෙනිදා රෑ 9 ට surnawahini බලන්නලු.

ඔවුන් විසින් නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටයදුටුවානම් අපිට එක දෙයක් විශ්වාසයෙන් කිව හැකි.
ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාව නම් වසන්තය පැමිණ ඇති බවයි. ඒ තමයි හදවතේ කතාව ගමක උපන් දුප්පත් පාසල් වයසේ තරුණයෙකු තමන්ගේ මියගිය මවගේ සිහිනය සැබෑ කරන්න වෙහෙසෙන හැටි ලු හ"දවතේ කතාවේ" කියන්නේ හීන වලට පාට දෙන්න හදන සුන්දර යුවතියක් දුප්පත් තරුණයාට අතර මගදි හම්බ වෙනවා.ඒ සුන්දරජිවිත ලස්සන හැකිවෙයිද?නැත්තං හුලගත් නපුරුවූ සැඩ සුළගක් වෙයිද?

මියගිය අම්මගේ චරිතෙට පන දෙන්නේ උමයංගනා වික්‍රමසිංහ කියලා අපි එහෙන් මෙහෙන් හොයා ගන්න කොට ආරංචි වුණා. ඒ විතරක් නෙමේ මහේන්ද්‍ර වීරරත්න මාලි ජයවීරගේ නිරෝෂන් විජේසිංහ වැනි දැවැන්තයින් බොහෝමයකුත් මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවලු .මේ රට ඔවුන් සමග කරට කර රංගන කුසලතාවක් දක්වන හිරිමල් යෞවනියන් කිහිප දෙනෙකු කිහිපදෙනෙකුත් පුංචි තිරෙන් හඳුනාගන්නට ලැබෙනවාලු .රංගන ශිල්පීන් ලැබුණු තොරතුරු අනුව නම් මෙහි තිර රචනය ද තිමිර උදමල්වත්ත ආරංචිය. අධ්‍යක්ෂවරයා නම් තවමත් රහසක්. ඔවුන් කියන විදියට කාව්‍ය ගලායාමක් සහිත මෙම ටෙලි නාට්‍යය ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය වංශ කතාවට නව පිටුවක් පෙරලන ඇති ඉහළම රසඥතාවය ප්‍රේක්ෂකයාට ලබා දෙමින් නොබෝ දිනකින් රටේම අංක එකේ ටෙලි නාට්‍ය වන හදවතේ කතාව රංගනයට ඔවුන් ලැබුණු භාග්‍යයක් බවයි ප්‍රවීණ නළු නිළියන් අපි සමග පැවසුවේ.



Video Corner