ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ පැවති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් පරාජයට පත්වෙයි


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ පැවති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් පරාජයට පත්වී තිබෙනවා.

දෝෂාභියෝගයට පක්ෂව ඡුන්ද 230 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 197 ක් පමණයි.

මෙම දෝෂාභියෝග චෝදනාව  කොංග්‍රස් මණ්ඩලයේදී සම්මත වුවද, රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවේදී සම්මත වීම අවිනිශ්චිත බවයි වාර්තාවන්නේ.

ජනපති ට්‍රම්ප් බලයෙන් පහ කිරීමට නම් සෙනෙට් සභාව තුල දෝෂාභියෝගය තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කළ යුතුයි.

2020 එරට ජනාධිපතිවරණය සදහා තරග කරන සිය ප්‍රතිවාදී අපේක්ෂකයෙකු වන ජෝ බයිඞ්න්ට එරෙහිව යුක්රේනයේ ජනාධිපතිවරයාගේ සහය ඉල්ලා සිටීම හේතුවෙන් සහ සිය දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට බලය අනිසි ලෙස යොදා ගත් පවසමින් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කර තිබෙනවා

Video Corner