“හඬපට එළියට දාලා පවුල් කඩන්න එපා” – රන්ජන්ගෙන් ඉල්ලීමක්


තමන්ගේ හඬපට භාවිත කරමින් පවුල් ජීවිත කඩන්න එපා යැයි තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිටින ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ සුවදුක් බැලීම සඳහා ගිය ඔහුගේ හිතවතෙකු මේ බව සඳහන් කළ බවටයි වාර්තා වන්නේ.

තමන් කාන්තාවන් සමග දුරකතන සංවාදයේ යෙදෙන හඬපට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වැරදි බවත්, තමන් හඬපට සියල්ලම ගබඩා කර තබා ගත්තේ තම ආරක්ෂාවට බවත් තමන්ට මරණ තර්ජන පවා තිබූ බවත් ඔහු පවසා තිබෙනවා.

තමන්ට ඔත්තු දුන් තොරතුරු දුන් කිසිවෙකුට හිරිහැරයක් නොකරන ලෙසද ඔහු ඉල්ලා ඇත.

Video Corner