මඩ නොමැතිව ජීවත් විය නොහැකි යූඑන්පී වෙබ් අඩවි නැවතත් මඩ ව්‍යාපාරයට අත තබයි


යූඑන්පී වෙබ් අඩවි නැවතත් මඩ ව්‍යාපාරයට අත තබා ඇත්තේ මඩ නොමැතිව ඔවුන්ට ජීවත් විය නොහැකි නිසා විය හැක

ව්‍යවස්ථාවේ 154B(7)වගන්තිය අනුව ඇත්තේ ආණ්ඩුකාරවරයා විසින් වෙනත් කවර වූ හෝ ලාභදායී ධූරයක් හෝ තනතුරක් නොදැරිය යුත්තේ ය යනුවෙනි දිනක් හෝ පාසැල් ගිය අයෙකුට පවා තේරෙන කරුණක් වන්නේ වෛද්‍ය වෘත්තියක් මිස එය ධුරය හෝ වරප්‍රසාද සහිත තනතුරක් නොවන බවයි ඒ අනුව ආණ්ඩුකාරවරියට නිදහස් වෛද්‍යවරියක් ලෙස රෝගීන්ට බෙහෙත් කිරීමට ව්‍යවස්ථාවෙන් තහනමක් නැත (රෝගීන්ට බෙහෙත් කිරීම පාපයක් නම් ඒ පිළිබඳ ව සලකා බැලිය හැක )

තවත් විහිළු සපයන තර්කයක් වන්නේ ආණ්ඩුකාරවරිය උදෑසන දහයට තලවතුගොඩ පෞද්ගලික රෝහලක එනම් හේමාස් රෝහලේ සේවය කරන බවයි එය සනාථ කිරීමට හැකි සරලම ක්‍රමය වන්නේ රෝහලට දුරකථන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව සොයා බැලීමයි.මෙම ප්‍රවෘත්තියේ සංස්කාරකවරයාට අඩුම තරමේ එය හෝ සිදු කිරීමට නුවණක් නොතිබීම ගැන ඇත්තේ දුකකි.ඔහුට උදව්වක් වශයෙන් අප රෝහලට දුරකථනයෙන් කතා කොට ඒ පිළිබඳව විමසා සිටියා එහිදී එහි සේවකයන් පවසා සිටියේ වෛද්‍යවරිය සතියේ දිනවල උදෑසන 10 ට හමුවිය නොහැකි බවයි (හඬ පට සහිතයි )

පුද්ගලයෙකුට උදෑසන දහයට ආණ්ඩුකාරවරිය හමුවීමට අවශ්‍ය නම් කළ යුත්තේ ආණ්ඩුකාර කාර්යාලයට පැමිණීමයි

තවත් කතා අනවශ්‍යයි මඩ ගසන වුන් අවබෝධ කර ගත යුත්තක් ඇත එනම් පස් අවුරුද්දක් රට කෑවා ඇති ය දැන් වැඩ කරන අයට වැඩ කිරීමට ඉඩ දිය යුතුය මක්නිසාද යත් බොරුවට ආයුෂ අඩු බැවිනි


Video Corner