වයසට ගිය සුපිරි බොලිවුඩ් නළුවා..


බොලිවුඩයේ නිළ නොළත් රජුන් ලෙස සැළකෙන අමිර් ඛාන් අදටද බොලිවුඩ් සිනමාවේ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නළුවා වෙයි. මේ වනවිට අවුරුදු 53ක් වන අමිර් ඛාන් පසුගියදා සිය දියණිය ඉරා සමගින් ගත් ඡායාරූපයක් සමාජජාලයට එකතු කර තිබුණි.

එහි දකින්නට ලැබුණේ කඩවසම් නළු පෙනුමෙන් නිතර දකින අමිර් ඛාන් නොව වයස් පෙනුමකින් යුත් පුද්ගලයෙකුගේ රූවය. සුදු කෙස් සහිතව හම රැළි වැටුණ ස්භාවයක් අමිර්ගේ රුවින් දිස්වුණ අතර, ඔහු පවසා තිබුණේ තමා දැන් දරුවන් තිදෙනෙකුගේ මහළු පියෙකු බවය. ඉරා හැරුණු කොට අමිර්ට ජුනයිඩ් හා අසාඩ් නමින් තවත් පිරිමි දරුවන් දෙදෙනෙකු සිටියි.

ENT-20200824-67

Video Corner