කහ ග්‍රෑම් සියය රු 500…පොල්ගෙඩියක් රු 100…


වෙළෙඳපොළේ පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් ප්‍රකාශ කර සිටිනවා.තරමක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල ගණන්වලට බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය දිනවල රුපියල් 90ත් 100 අතර මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ සඳහන් කරයි. අර්තාපල් කිලෝවක මිලද රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇත. ආනයනික බදු ඉහළ දැමීම සහ පසුගිය කාලයේ බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මෙන්ම ලොකු ලූනු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යෑම හේතුවෙන් වගාවන් විනාශවීයාම නිසා ලොකු ලූනු මිල ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ.

කහ ග්‍රෑම් 100ක් රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ පෙන්වා දෙති. පුවක් ගෙඩියක් රුපියල් 16ත් – 20ත් අතර මිලකට අලෙවි වන අතර බුලත් කොළයක මිල රුපියල් 3ක් දක්වා වැඩිවී ඇත. මේ හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් 30 අලෙවි වූ බුලත් විටක මිල රුපියල් 50 දක්වා වැඩිවී තිබේ.

Video Corner