Close

තැන තැන හමු වූ නීතිවිරෝධී ගිනිඅවි

March 9, 2025

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

ඒ අනුව ඇල්පිටිය පොලිස් වසමේ මන්ඩකන්ද ප්‍රදේශයේදී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ටී 56 වර්ගයේ පතොරොම් යෙදිය හැකි රිවෝල්වර අවියක් සහ ටී 56 පතොරොම් 03ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44ක් වන මන්ඩකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද දඹගල්ල පොලිස් වසමේ කොල්ලාදෙනිය ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකිද මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 30ක් වන ඌව ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්‍රදේශයේදී උළුක්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 32 වයස්වල පසුවන පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කොටවෙහෙර පොලිස් වසමේ ගල්ලෑගොඩ ප්‍රදේශයේදී ගොටවෙහෙර පොලීසියේ නිලදාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 56ක් වූ ගල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේදී ද පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසන්නේ ඇති ලඳු කැලෑවක සඟවා තිබූ මි.මී 09 වර්ගයේ ගිනි අවියක් හා මි.මී 09 වර්ගයේ පතොරොමක් සොයාගෙන ඇත.

මෙම අවිය මෙම ස්ථානයේ සැඟවූ පුද්ගලයින් සොයා කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top