Close

ඝාතනයකට සම්බන්ධ සැකකාරියක් කටුනායක දී අත්අඩංගුවට

March 13, 2025

සීදුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. 

2022.09.14 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සීදුව පොලිස් ස්ථානය මඟින්  ආරම්භ කර තිබු විමර්ශනවලට අනුව මෙම සැකකාරය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින කාන්තාවක් මෙම ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවටත්ය.

වැඩිදුර විමර්ශනයෙන් පසුව පොලීසිය විසින්  මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබිණි.

ඒ අනුව, මෙම සැකකාරිය ඊයේ (12) අළුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

සීදුව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සැකකාරිය අද (13)  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top