Close

සිගරට් බද්ද ගහන විදිය වැරදියි -හර්ෂ

March 20, 2025

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එහෙත් මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් තියෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා… මොනයම් හෝ හේතුව අපි දන්නවා. චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි නමුත් මේක හරියට විශ්ලේෂණය නොකර ගත් නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන…

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.…

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – ඇමති අනිල් ජයන්ත

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව…

කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි. තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්…

Advertisement

Keep Exploring

නුවර ටවුමේ කරක්ගහන කාන්තා හොර කල්ලියක් ගැන ඇසෙන මේ පුවත මොකද්ද?

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර…

Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

Powered By
Best Wordpress Adblock Detecting Plugin | CHP Adblock
scroll to top